උතුරේ දේශපාලන ගැටළුව මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳන බව ජනපති පවසයි
2024-09-15 15:28:53
Share with:
උතුරේ කටයුතු දේශපාලන ප්‍රශ්නවලට පමණක් සීමා කළ නොහැකි අතර සංවර්ධනයද අවශ්‍ය බවත්, එසේ නොවුණහොත් අනෙක් පළාත් සංවර්ධනයෙන් ඉදිරියට යන විට උතුර පසුපසට යන බවත් පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ දේශපාලන මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳන බව ප්‍රකාශ කළේය.පළාත් සභා ශක්තිමත් කර බලතල ලබාදීම පිළිබඳ තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු ඇතුළත් කර තිබෙන බවත් මහ ආණ්ඩුවට උදව් කිරීමට පළාත් ආණ්ඩු 09ක් යටතේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කරන බවත් ජනාධිපතිවරයා පැවසිය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (14) පෙරවරුවේ යාපනයේ මුත්තුවේලි ක්‍රීඩාංගණයේ පැවති විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.