චීනයේ Xianbin කොරල්පරයෙහි නීතිවිරෝධී ලෙස රැඳී සිටින පිලිපීන අංක 9701 නෞකාව ඉවත් කෙරේ
2024-09-15 16:18:59
Share with:

මේ වසරේ අප්‍රේල් 17වැනිදා සිට මාස 5ක පමණ කාලයක් තුළ, පිලිපීන වෙරළාරක්ෂක බලකායේ අංක 9701 නෞකාව, චීනයේ Xianbin කොරල්පරයෙහි නීතිවිරෝධී ලෙස රැඳී සිටියේ ය. පිලිපීනයේ ක්‍රියාවන් චීනයේ භෞමික ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝණය කරන බව, චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Liu Dejun මහතා පැවසීය. එසේම මෙය දකුණු චීන මුහුදේ සියලු පාර්ශ්වයන්ගේ හැසිරීමේ ප්‍රකාශය ද බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් වන අතර, කලාපීය සාමය සහ ස්ථාවරත්වයට ද බරපතල ලෙස හානි කිරීමක් බව, ඔහු සඳහන් කළේ ය.

මෙම කාලය තුළ, චීනය නීතියට අනුකූලව අංක 9701 නෞකාවට එරෙහි පාලන පියවර ක්‍රියාත්මක කළේය. බලහත්කාරයෙන් සැපයුම් ද්‍රව්‍ය නැව්ගත කිරීමට පිලිපීනය බොහෝ උත්සාහයන් ගෙන ඇති නමුත් එය අසාර්ථක විය. සැප්තැම්බර් 14 වන දින 14:00 ට පමණ, පිලිපීනයේ අංක 9701 නෞකාව, චීනයේ Xianbin කොරල්පරයෙන් ඉවත් කෙරිණ.

පිලිපීනයට විවිධ අසත්‍ය ප්‍රචාර සිදු කිරීම සහ නීති උල්ලංඝණය කිරීම වහාම නතර කරන ලෙස, චීනය නිල වශයෙන් අනතුරු අඟවා  ඇති බව, Liu Dejun මහතා සඳහන් ‍කළේ ය. දකුණු චීන මුහුදේ සියලු පාර්ශ්වයන්ගේ හැසිරීමේ ප්‍රකාශයේ බැරෑරුම්කම සහ සඵලතාවය ආරක්ෂා කිරීම සඳහා, පිලිපීනය චීනය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු ය. Xianbin කොරල්පර ඇතුළු Nansha දූපත් සමූහය හා ඊට යාබද ජලය සම්බන්ධයෙන්, චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් පවතී.

චීන වෙරළාරක්‍ෂක බළකාය විසින් නීතියට අනුකූලව චීනයේ අධිකරණ බල ප්‍රදේශය යටතේ ඇති ජල ප්‍රදේශ‍යේ අයිතිවාසිකම් සුරැකීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදු කරනු ඇති අතර, ජාතික භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරනු ඇතැයි, Liu Dejun මහතා පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241108සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම