මැද-සරත් සෘතු උත්සව නිවාඩුවේ දෛනික දේශසීමා සංචාර ඉහළට
2024-09-15 15:25:21
Share with:

මෙම වසරේ මැද-සරත් සෘතු උත්සව නිවාඩුව ළඟා වීමත් සමග චීනයේ දෛනික දේශසීමා සංචාර ප්‍රමාණය මිලියන 1.8 ක සාමාන්‍යය අගයක් පෙන්නුම් කරයි. එනම් එය පසුගිය වසරේ සමාන කාලය හා සැසඳමේදී සියයට 21.9 ක වැඩිවීමකි.

ජාතික ආගමන පරිපාලනය නිකුත් කළ දත්තවලට අනුව, දේශසීමා හරහා සංචාර 15 සහ 17 යන දෙදින උපරිම අගයක් වනු ඇත. එමෙන්ම ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල මෙන්ම හොංකොං සහ මැකාවෝ ප්‍රදේශ වෙත ගොඩබිම් හරස් මාර්ග ඔස්සේ මගී ප්‍රවාහය සැලකිය යුතු ලෙස වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ හේතුවෙන් මගී පර්යන්තවල අධීක්ෂණය කටයුතු කඩිනම් කරන ලෙසත්, මගීන් සඳහා ආරක්ෂිත, කාර්යක්ෂම සහ සුමට රේගු නිෂ්කාශන පහසුකම් සහතික කරන ලෙසත් රටපුරා ඇති දේශසීමා නිරීක්ෂණ ආයතනවලින් ඉල්ලීමක් කර ඇත

මැද-සරත් සෘතු උත්සවය චීනයේ වැදගත්ම සම්ප්‍රදායික නිවාඩු දිනවලින් එකකි. චීන චන්ද්‍ර  දින දර්ශනයේ අටවන මාසයේ 15 වන දින මෙය වාර්ෂිකව සමරන අතර, ඒ අනුව මෙවර එය මෙම වසරේ සැප්තැම්බර් 17 වන දිනට යෙදී තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම