සංචාරක පැමිණීම ඉහළට
2024-09-15 15:33:18
Share with:

වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව දහ හතර ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 2024 සැප්තැම්බර් මාසයේ පළමු දින 11 තුළ 44,977 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර ඒ සමගම වසරේ මේ දක්වා කාලය තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,407,645 ක් බව වාර්තා වේ. 

2023 වසරේ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛාව 1,487,303ක් වන අතර 2024 වසරේ මුල් මාස 09 තුළ දී ඒ ආසන්නයට පැමිණීමට හැකිව තිබීම විශේෂත්වයකි.

 

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම