චීන මාදිලියේ සමාජවාදී නවීකරණ රටක් ගොඩනැගීමේ දී චීන ජාතික මහජන කොංග්‍රසයේ කාර්යභාරය
2024-09-15 16:15:44
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ ක්‍රමය අඛණ්ඩව මැනවින් පවත්වාගෙන යාම හා වැඩිදියුණු කිරීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වැදගත් සංකල්පය අධ්‍යයන කිරීමේ වැඩමුළුව ඊයේ(14) බෙයිජිංහිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර සාමාජික චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා එම වැඩමුළුවට එක් වෙමින් දේශනයක් සිදු කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන ජාතික මහජන කොංග්‍රසය පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරීමේ සම්මේලනයේ කළ වැදගත් දේශනය මගින් නව යුගයේ රටේ මූලික දේශපාලන ක්‍රමයේ කාර්යභාරය සම්පූර්ණයෙන්ම ඉටු කිරීම, සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම හා අනුගමනය කිරීම, ජාතික පරිපාලන පද්ධතිය හා හැකියාව නවීකරණය කිරීමට විද්‍යාත්මක මඟපෙන්වීම සපයන බව Zhao Leji මහතා එහිදී පැවසීය. මහජන කොංග්‍රසයේ ක්‍රමය අඛණ්ඩව මැනවිමන් පවත්වාගෙන යාම මගින් චීන ජාතික මහජන කොංග්‍රසයේ කාර්යයන් නව පරිච්ඡේදයකට යොමු කරමින් සම්පූර්ණයෙන්ම සමාජවාදී නවීකරණ රටක් ගොඩනැගීමට නව දායකත්වයක් ලබා දිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී දේශපාලන වර්ධන මාගර්යක ගමන් කිරීමේ විශ්වාසය හා අධිෂ්ඨානය ශක්තිමත් කරමින් රටේ මූලික දේශපාලන ක්‍රමයේ විශේෂත්වය හා වාසි සාක්ෂාත් කර යුතු ය. ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය අනුගමනය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය, ජනතාව විසින් රට පාලනය කිරීම හා රට නීත්‍යනුකූලව පාලනය කිරීම යන්න මනා ලෙස ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු බව Zhao Leji මහතා පෙන්වා දුන්නේය.

චීන ජාතික මහජන කොංග්‍රසය නීති සම්පාදනය කිරීමේ ප්‍රධාන කාර්යභාරය ඉටු කරමින් චීන කොමියුනිස්ට් පක්ෂය හා රාජ්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ වැදගත් කාර්යභාරය ඉටු කළ යුතු ය. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, සහභාගී වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, අධීක්ෂණය කිරීමේ අයිතිය චීන ජාතික මහජන කොංග්‍රසයේ කාර්යයන්හි විවිධ ක්ෂේත්‍රවල මෙන්ම විවිධ ක්‍රියාවලින්හි දී ක්‍රියාවට නැංවීම සහතික කළ යුතු බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම