“මගේ චීන කතන්දරය” නමින් චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ(14) ජර්මනියේ Berlin නගරයේ දී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය, ජර්මනියේ චීන තානාපති කාර්යාලය හා චීන අධ්‍යාපන අමාත්‍යංශයේ දෙස් විදෙස් භාෂා හුවමාරු සහයෝගිතා මධ්‍යස්ථානය විසින් මෙම උත්සවය සංවිධාන කරන ලදී. චීන මධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනාරල් Shen Haixiong මහතා, ජර්මනියේ චීන තානාපති Deng Hongbo මහතා, ජර්මනියේ Burg චීන භාෂා සමූහ ගායනා කණ්ඩායම් සංගමයේ සභාපති Olaf Millmann මහතා, ජර්මන් චීන මිත්‍රශිලි සංගමයේ උප සභාපති Felix kurz මහතා හා ජර්මනියේ විද්‍යාල හා පාසල්වල ගුරුවරුන් හා සිසුවියන් ඇතුළු පුද්ගලයන් 200ක් පමණ ඊට එක්ව තිබේ.
Shen Haixiong මහතා මාර්ගගතව දේශනයක් සිදු කරමින් පැවසුවේ “මගේ චීන කතන්දරය” නම් උත්සවයේදී රටවල් 60ක මිතුරන්ගේ කතන්දර 1600කට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවයි. එම කතන්දර ඔස්සේ විවිධ රටවල හැඟීම් හා සංස්කෘතිය අතර ඇති ගැඹුරු සංකලනය සංකේතවත් කෙරෙන අතර ඉන් සාමය හා සුන්දරත්වය උදෙසා විවිධ රටවල ජනතාවගේ පොදු අපේක්ෂාව පිළිබිඹු කරයි. ජාත්‍යන්තර මානව හුවමාරු ශක්තිමත් කිරීම, ගෝලීය ශිෂ්ටාචාර සංවාද ප්‍රවර්ධනය කිරීම, ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම මගින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කරන බව Shen Haixiong මහතා අවධාරණය කළේය.
ජර්මනියේ Burg චීන භාෂා සමූහ ගායනා කණ්ඩායම ස්ථාපිත කර ගෙවී ගිය වසර 10 තුළ චීන ගීත ගායනා කිරීමෙන් චීන භාෂාව ඉගෙනගැනීම ඔස්සේ වැඩිපුර ජර්මන් තරුණයන් චීන භාෂාව ඉගෙනගැනීම හා චීනය පිළිබඳ අවබෝධ ලබා ගැනීමට එක්ව ඇති බව එම කණ්ඩායම් සංගමයේ සභාපති Olaf Millmann මහතා එහිදී කියා සිටියේය. සංගීත හා භාෂා හුවමාරු ඔස්සේ ජර්මන්-චීන තරුණයන් තවදුරටත් දෙරට සංස්කෘතීන් දැන ගනිමින් අන්‍යෝන්‍ය අවබෝධයෙන්, ගරුත්වයෙන් හා විශ්වාසය මත මිතුදම තහවුරු කරමින් සාමකාමී මෙන්ම සුන්දර අනාගතය බිහි කරනු ඇති බව හෙතෙම පැවසීය.
පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය හා ගෝලීය මුලපිරුම් මාලාවක් ඉදිරිපත් කිරීමත් සමග ලෝකයට නව අවස්ථ ගෙන ඒම පමණක් නොව විවිධ රටවල ජනතාව සමග මිත්‍රශීලි සබඳතාවක් චීනය ස්ථාපිත කර ඇති බව ද එම උත්සවයට එක්වූවන් විශ්වාස පළ කර තිබේ.
“මගේ චීන කතන්දරය” නමින් චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විදේශ රටවල විශේෂ උත්සව මාලාවක් නුදුරේදී ඇමරිකාව, කැනඩාව, රුසියාව, ඔස්ට්‍රේලියාව හා සෞදි අරාබිය ඇතුළු රටවල ද පැවැත්වීමට නියමිත ය.