චීන ජනපතිගේ අදහස් ඇතුළත් විශේෂ ලිපියක් හෙට Qiushi සඟරා‍වේ පළ කෙරේ
2024-09-15 17:00:50
Share with:

“චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසියේ 2වන සමුළුවේදී සිදු කළ දේශනය”මැයෙන් යුත් ලිපියක් පළ කෙරේ. චීන ජනාධිපති, කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා විසින් රචිත එම ලිපිය හෙට (16) Qiushi සඟරා‍වේ පළ කෙරේ.

 චීනය ප්‍රතිසංස්කරණය හා විදේශ රටවල් සඳහා විවෘත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් ලද අත්දැකීම් සම්පිණ්ඩනය සහ චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය ඉදිරියට ගෙනයාමේදී මුහුණ දෙන තත්ත්වයන් වි‍ශ්ලේෂණය, කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසියේ 2වන සමුළුවේදී සිදු කෙරිණ. චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය සඳහා ප්‍රතිසංස්කරණය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම එහිදී ද සකස් කෙරිණ. සමුළුවේ ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාවට නංවා ගත යුතු බව චීන ජනාධිපතිවරයා එම ලිපියෙන් අවධාරණය කරයි. ඒ සඳහා මේ වසරේ ඉතිරි කාලයේ කාර්යයන් රැසක් මැනවින් කළ යුතු ය. මේ වසරේ රටේ ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක පූර්ණ වශයෙන් ළඟා කර ගැනීම,  සංවර්ධනය හා ආරක්ෂාව සමබර කර ගැනීම, පස්අවුරුදු සැලැස්මට අදාළ ඇගයීම් හා සම්පිණ්ඩන කටයුතු, කොමියුනිස්ට් පක්ෂය පාලනය තවදුරටත් දැඩි කිරීම, ඒ අතරින් ප්‍රධාන වන බව ලිපියේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම