පසුගිය 11 වනදා සිට 13 වනදා දක්වා පොදු අවධානයට ලක්වූ සමුළු 3ක් පවත්වා තිබේ. එනම් දකුණු චීන මුහුදේ ප්රශ්නය පිළිබඳ චීන-පිලිපීන ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයේ ප්‍රධානීන් අතර හමුව, 11වැනි බෙයිජිං Xiangshan සංසදය හා දකුණු චීන මුහුදු කලාපය පිළිබඳ ආචාර ධර්ම ප්රකාශනය ක්‍රියාවට නැංවීමේ 22 වැනි උසස් නිලධාරීන්ගේ සමුළුවයි. එම සමුළුවලින් පෙන්නුම් කර ඇත්තේ සංවාද ඔස්සේ පවතින භේද මනා ලෙස විසඳීම හා දකුණු චීන මුහුදු ප්‍රදේශයේ ස්ථාවරත්වය රැකගැනීම, එම ප්‍රදේශයේ පොදු අපේක්ෂාවක් බවයි.
මෙවර බෙයිජිං Xiangshan සංසදයේදී සිංගප්පූරුවේ ජාතික ආරක්ෂක ඇමති Ng Eng Hen මහතා ප්‍රකාශ කළේ දකුණු චීන මුහුදු ගැටළුව පිළිබඳව චීනය හා පිලිපීනය අඛණ්ඩව සංවාද පවත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර සියලු අදාළ පාර්ශ්වයන් සාමය ළඟා කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. ජාත්‍යන්තර ගැටළු හා ප්‍රාදේශීය වැදගත් ප්‍රශ්න විසඳීමේදී බලවත් රටවල් වඩාත් වැඩි වගකීම් භාර ගත යුතු බව ඇමරිකාව ද දැන ගත යුතු ය.
පසුගිය 13 වනදා පැවති දකුණු චීන මුහුදු කලාපය පිළිබඳ ආචාර ධර්ම ප්රකාශනය ක්‍රියාවට නැංවීමේ 22 වැනි උසස් නිලධාරීන්ගේ සමුළුවේදී විවිධ පාර්ශ්වයන් විශ්වාසය පළ කළේ දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය රැකගැනීම ඉතා වැදගත් බවටයි. සංවාද ශක්තිමත් කිරීම, මතභේද පාලනය කිරීම, මුහුදු ප්‍රදේශයේ ස්ථාවරත්වය රැකගැනීම සිදු කරන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලා සිටියහ. පිලිපීනය ඒකපාර්ශ්විකව ප්රකෝපකාරී ක්‍රියා සිදු කිරීමට එම කලාපයේ රටවල් පොදුවේ විරුද්ධ වන බව ඉන් පිළිබිඹු වේ.
බෙයිජිං Xiangshan සංසදයේදී චීනය ප්‍රකාශ කර ඇත්තේ දකුණු චීන මුහුදේ ස්වාධිපත්‍යය යන කේන්ද්‍රීය ප්රතිලාභවලදී කිසිදු සහනයක් හා සමථයක් චීනය සිදු නොකරන බවයි. චීනයේ ස්ථාවරය පිළිබඳ පිලිපීනය හා පිලිපීනය උසිගන්වන පාර්ශ්වය පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතු ය. ගෝලීය ආරක්ෂක මුලපිරුම අනුගමනය කරමින් සාමය, මිතුදම හා සහයෝගිතාව සහිත දකුණු චීන මුහුදු කලාපයක් ගොඩනැගීම, ප්‍රදේශයේ රටවල පොදු අපේක්ෂාවයි.