චීනය ඉදිරිපත් කළ විදුලි වාහන ප්‍රතිවිරෝධතා නඩුව සඳහා මිල සහතික විසඳුම ප්‍රතික්ෂේප කිරීමේ යුරෝපීය කොමිසමේ සැලැස්ම පිළිබඳව චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි.
අදාළ චීන කර්මාන්තයේ අවංකභාවය සහ උත්සාහය නොසලකා හැර ගැඹුරු සන්නිවේදනයකින් තොරව එම සැලැස්ම සිදු කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. එය අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳ චීන කර්මාන්තයේ විශ්වාසය පළුදු කරන අතර, යුරෝපා සංගමයේ සාමාජික රටවල අපේක්ෂාවන්ට පරස්පර වේ. සංවාදයෙන් එම නඩුව විසඳා ගන්නා බවට ඔවුන් සිදු කළ ප්‍රසිද්ධ ප්‍රකාශයට ද මෙම තීරණය නුසුදුසු ය. ඒ පිළිබඳව චීනය දැඩි කලකිරීමකට පත්ව සිටින බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.
යුරෝපීය පාර්ශ්වයේ තීරණය පිළිබඳව චීනය දැඩි අවධානයක් යොමු කරන බවත්, චීන සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම් දැඩි ලෙස ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.