තවත් දින හතකින් එනම් සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය, ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරණයයි. මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගනු ලැබේ.ඒ සඳහා පසුගිය අගෝස්තු 15 වන දින නාමයෝජනා භාර ගත් අතර සියලු ප්රචාරක කටයුතු එළඹෙන 18 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු ය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු බලයේ සිටින ජනාධිපතිවරයා ඔහු වීම ද විශේෂත්වයකි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු ද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ.
නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනා අතර පිළිගත් දේශපාලන පක්ෂවලින් 22ක්, වෙනත් පක්ෂවලින් 1ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 16ක් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.