චීනය සමඟ බහුවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතා පුළුල් කිරීමට සූදානම් බව නොර්වේ අගමැති පවසයි
2024-09-14 13:32:11
Share with:

චීනය සමඟ හරිත තාක්ෂණය සහ හරිත පරිවර්තනය යනාදී ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා වැඩිදුරටත් පුළුල් කිරීමට තම රට සූදානමින් සිටින බව නෝර්වේ අග්‍රාමාත්‍ය Jonas Gahr Støre මහතා පවසයි.

ඔහු මේ අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

නෝර්වේ නව චීනය පිළිගත් පළමු බටහිර රටවලින් එකකි. ඉකුත් 9 වැනිදා Jonas Gahr Støre මහතා බෙයිජිං නගරයට පැමිණ චීනයේ තෙදින සංචාරයක් ආරම්භ කළේය.

ප්‍රථම වතාවට චීනයේ අධිවේගී දුම්රියෙන් ගමන් කළ ඔහු, එහිදී මෙම සම්මුඛ සාකච්ඡාවට එක් විය.

සෑම රටක්ම තම වගකීම් ඉටු කළ යුතු අතර එය පහසු දෙයක් නොවන බවත් බලශක්ති පරිවර්තනය සාක්ෂාත් කරගැනීම අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු බවත් Jonas Gahr Støre මහතා එහිදී පැවසීය. දැනට, චීනයේ බලශක්ති පරිවර්තනය පිළිබඳ තාක්ෂණ රැසක් ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇති අතර චීනය විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. නෝර්වේ හි දැනට අලෙවි වන නව මෝටර් රථවලින් 90% ක් විදුලි වාහන වන අතර නෝර්වේ මෙම ක්ෂේත්‍රයේ චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු යැයි ඔහු සඳහන් කළේය.

නෝර්වේ යුරෝපා සංගමයේ සාමාජිකයෙකු නොවන අතර යුරෝපා සංගම් වෙළඳ ප්‍රතිපත්තියට ඇතුළත් නොවේ. එහෙත් කිසිදු රටක් චීන නව බලශක්ති වාහන සඳහා අතිරේක තීරුබදු නොපැනවිය යුතු බව Jonas Gahr Støre මහතා කියා සිටී. එහි අවසන් ප්‍රතිඵලය වනුයේ චීනයට මෙන්ම යුරෝපා සංගමයට ද හානි සිදු වීම බව ඔහු පැවසීය.

තම ජීවිත කාලය තුළ චීනය තරම් ගැඹුරු වෙනස්කම් සහ පරිවර්තනයන් අන් කිසිඳු රටක නොදුටු බවත් එය චීනයට විශාල දියුණුවක් ගෙන දී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම