චීන ජාතික මහජන කොංග්‍රසය පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරීම අද(14) උදෑසන බෙයිජිං මහජන මහා ශාලාවේ දී සිදුවිය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් පළ කරමින් පැවසුවේ, මාර්ගය, න්‍යාය, පද්ධතිය සහ සංස්කෘතිය කෙරෙහි ස්වයං-විශ්වාසය ශක්තිමත් කළ යුතු බවයි. චීන ජාතික මහජන කොංග්‍රසයේ පද්ධතිය අඛණ්ඩව මැනවින් පවත්වාගෙන යාම, වැඩිදියුණු කිරීම සහ ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා, ජාතික මහජන කොංග්‍රසයේ වැදගත් කාර්යභාරයට පූර්ණ ක්‍රියාකාරිත්වය ලබා දිය යුතු ය. ව්‍යවස්ථාදායක කටයුතුවලදී ජාතික මහජන කොංග්‍රසයේ ප්රමුඛ භූමිකාවට පූර්ණ දායකත්වය ද ලබා දිය යුතු ය. ජාතික මහජන කොංග්‍රසයේ අධීක්ෂණය, පක්ෂයේ සහ රාජ්‍ය අධීක්ෂණ ක්රමයේ දී වැදගත් කාර්යභාරයක් ලෙස සලකා සම්පූර්ණයෙන් ඉටු කළ යුතු ය. ජනතාව සමග සමීප සබඳතාවයක් පවත්වාගෙන යාමේදී ජාතික මහජන කොංග්‍රසයේ ප්රමුඛ භූමිකාවට පූර්ණ දායකත්වය ලබා දිය යුතු ය. සෑම තරාතිරමකම පක්ෂ කමිටු ජාතික මහජන කොංග්‍රසයේ වැඩකටයුතු සම්බන්ධයෙන් සමස්ත නායකත්වය ශක්තිමත් කළ යුතු අතර, ජාතික මහජන කොංග්‍රසයට සහ එහි ස්ථාවර කමිටුවට තම බලතල ක්‍රියාත්මක කිරීමට සහ නීතියට අනුකූලව තම කටයුතු කරගෙන යාමට සහාය විය යුතු බව, ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය.
චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටු සාමාජික යන Wang Huning, Cai Qi, Ding Xuexiang, Li Xi මහත්වරුන්, සහ චීන උප ජනාධිපති Han Zheng මහතා ඊට එක් වූහ. චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා මෙම සැමරීමේ උත්සවයේ මුලසුන දැරීය.