මෝටර් රථ ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කෙරේ
2024-09-14 18:17:38
Share with:

304 HS කේතය යටතේ වර්ගීකරණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකුලව සහ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව, 2024 ඔක්තෝම්බර් 1වැනිදා සිට අදියර තුනක් යටතේ මෙම තහනම ඉවත් කිරීම සිදු වේ. 

පනවා ඇති තහනම ක්‍රමානුකූලව ඉවත් කිරීම මඟින් මෙරට මෝටර් රථ කර්මාන්තය පුනර්ජීවනය කිරීමට මෙන්ම ආර්ථිකය නංවාලීමට ද අපේක්ෂා කරන අතර මෙමගින් පැරණි වාහන භාවිතය නිසා ඇතිවී තිබෙන ඉන්ධන අකාර්යක්ෂමතාව අවම කිරීම සහ නඩත්තු වියදම් ඉහළ යාම පාලනය කිරීම වැනි ගැටළු විසඳීමට හැකි වනු ඇති බව අමාත්‍ය මණ්ඩලය සඳහන් කරයි.

 

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම