පවුලේ එකමුතුකම, ජාතික වර්ධනය මෙන්ම සමාජ සමගිය ප්‍රවර්ධනය කරන මැද සරත් උත්සවය
2024-09-14 20:08:39
Share with:

මැද සරත් උත්සවය, චීනයේ පවුලේ සාමාජිකයන් එකතු වීමේ දිනයක් ලෙස හැඳින්වේ. පවුල හා සිය රට වෙනුවෙන් චීන ජාතිකයන් තුළ වන ගැඹුරු හැඟීම එම උත්සවයෙන් පිළිබිඹු වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන්  පසු චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බොහෝ වැදගත් අවස්ථාවල විස්තර කර ඇත්තේ පුද්ගල, පවුල, රට හා ජාතිය යන ඒකක අතර පවතින ගැඹුරු හැඟීම හා ශක්තිමත් බැඳීමයි.

2015 වසරේ මැද සරත් උත්සවයට පෙර ඇමරිකාවේ Seattle නගරයේ පැවති ඇමරිකාවේ සිටින චීන ජාතිකයන් විසින් සංවිධාන කරන ලද පිළිගැනීමේ සංග්‍රහයට එක් වූ ෂී ජින් පිං මහතා එහි සිටි චීන ජාතිකයන් වෙත මූන් කේක්වලින් සංග්‍රහ කර තිබේ. ෂී ජින් පිං මහතා එහිදී පැවසුවේ චීන පවුලේ සාම්ප්‍රදායික යහපැවැත්ම  හා පවුලේ එකමුතුකම, ජාතික වර්ධනය මෙන්ම සමාජ සමගිය ද ප්‍රවර්ධනය කිරීමට පදනම් කර ගත හැකි බවයි. දුර බැහැර සිටිය , කාර්යබහුල වුව ද, වෙහෙස මහන්සි වුව ද පවුල පිළිබඳ හැඟීම කිසිවිටක අමතක නොකර විශේෂ සැලකිල්ලකින් කටයුතු කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කර කළේය.

සමාජවාදී කේන්ද්‍රීය සංකල්පය වර්ධනය කිරීම හා අනුගමනය කිරීම සිදු කරමින් දේශප්‍රේමය, සාමූහිකත්වය සහ සමාජවාදී ජීවගුණය ඉදිරියට ගෙන යන බව හෙතෙම පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241109වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම