චීනයේ බෙයිජිං අගනුවර මේ දිනවල පැවැත්වෙන 2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය නවීන තාක්ෂණික නිපැයුම් තුළින් නරඹන්නන්ට සුවිශේෂ අත්දැකීම් තිළිණ කිරීමට සමත් වී තිබේ. Alibaba සමාගමේ ප්‍රදර්ශන කුටියේ දී, නරඹන්නන්ට වර්චුවල් රියැලිටි හෙවත් අතථ්‍ය යථාර්ථය තාක්ෂණය සහිත උපාංගයක් මගින් භාණ්ඩ මිල දී ගැනීමේ නවීනතම අත්දැකීම් අත්විඳිය හැකිය. ඇමරිකානු වෛද්‍ය සමාගමක් වන Medtronic, හෘද ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් කරන, ලොව කුඩා ම පරිමාණ පේස්මේකර් උපාංගය එහිදී හඳුන්වා දී තිබේ.
මෙවැනි නවීන තාක්ෂණ නිපැයුම් විශාල ප්‍රමාණයක සාර්ථකත්වය එළිදැක්වෙන 2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ඉකුත් 12 වැනිදා සිය හෘදයංගම සුබ පැතුම් පිරිනැමීය. මේ වන විට දස වතාවක් සාර්ථකව පවත්වා ඇති චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය රටේ සේවා කර්මාන්තය හා සේවා වෙළඳාම පිළිබඳ උසස් ගුණාත්මක සංවර්ධනයේ සැබෑ පිළිබිඹුවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. විවෘතභාවයෙන් යුතු ලෝක ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා සක්‍රිය දායකත්වයක් එමගින් හිමිව ඇතැයි ද ඔහු පැවසීය.
මෙවර සේවා වෙළඳ ප්‍රදර්ශනයේ දී චීන රජය නව ක්‍රියාමාර්ග රැසක් ප්‍රකාශයට පත් කළේය. සේවා වෙළඳපොළේ මෙන්ම සේවා කර්මාන්තයේ සහ ඊට අදාළ වේදිකාවන් හි විවෘතභාවය ක්රමික ව පුළුල් කිරීම ඊට ඇතුළත් ය. චීනයේ ආයෝජන පුළුල් කිරීම සඳහා විදේශ ව්‍යවසායන් සතු ආත්ම විශ්වාසය මෙහිදී තවදුරටත් සහතික කර තිබීම විශේෂත්වයකි.
එසේම, චීන රජයේ විධිමත් මගපෙන්වීම හා සහාය යටතේ ක්‍රියාවට නැංවෙන නව ගුණාත්මක ඵලදායීතා වැඩසටහන් මගින් එරට ආර්ථිකයට නව ජවයක් මෙන්ම විදේශ ව්‍යවසායන්ට පුළුල් සංවර්ධන අවස්ථා ද සපයා දෙනු ඇතැයි ද එම සමාගම්වල පොදු අදහස වී තිබේ.
මෙම වසරේ සේවා වෙළඳ ප්‍රදර්ශනයේ දී වඩාත් පුළුල් නවෝත්පාදන ප්‍රවණතාව ද කැපීපෙනේ. එසේම, ඉහළ මට්ටමේ විවෘතභාවය ඔස්සේ තහවුරු වන සේවා වෙළඳාමේ ගුණාත්මක සංවර්ධනය සහ චීනයේ මාදිලියේ නවීකරණය සතු ප්‍රබලතාව ද එහිදී මැනැවින් ඉස්මතු ව තිබීම විශේෂත්වයකි.