"වර්ණවත් ලෝකයක් සමගින් තාරුණ්‍යය නිර්මාණය කිරීම සහ භුක්ති විඳීම" යන තේමාව සහිත චීන-යුරෝපා සංස්කෘතික හුවමාරු උත්සවය අද(13) බෙයිජිං හිදී පැවැත්විණ. එය චීන මාධ්‍ය සමූහයේ යුරෝපීය-ලතින් ඇමරිකානු භාෂා වැඩසටහන් මධ්‍යස්ථානය සහ බෙයිජිං නාගරික මහජන රජයේ තොරතුරු කාර්යාලය සමඅනුග්‍රහයෙන් පැවැත්විණ.
චීන මාධ්‍ය සමූහයේ යුරෝපීය-ලතින් ඇමරිකානු භාෂා වැඩසටහන් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Xia Yongmin මහතා, බෙයිජිං නාගරික ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Yu Junsheng මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ චීනය සහ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල් අතර සහයෝගීතාව සඳහා වන විශේෂ නියෝජිත තානාපති Jiang Yu මහත්මිය ඊට එක් වූහ. එසේම චීනයේ සිටින බල්ගේරියාව, පෘතුගාලය, ෆින්ලන්තය යන රටවල රාජ්‍යතාන්ත්‍රිකයින්, බෙයිජිං හි ඒ ඒ විශ්ව විද්‍යාලවල විද්වතුන් සහ ජාත්‍යන්තර සිසුන්, චීනයේ ජීවත් වන සහ වැඩ කරන යුරෝපීය ජනතාව සහ මාධ්‍ය නියෝජිතයන්, ඊට එක් වූහ.