දකුණු චීන මුහුදු කලාපය පිළිබඳ ආචාර ධර්ම ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමේ 22 වැනි උසස් නිලධාරීන්ගේ සමුළුව පැවැත්වේ
2024-09-13 18:07:03
Share with:

දකුණු චීන මුහුදු කලාපය පිළිබඳ ආචාර ධර්ම ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමේ 22 වැනි උසස් නිලධාරීන්ගේ සමුළුව අද(13) චීනයේ Xi’an නගරයේ දී පැවැත්විණ.

චීන විදේශ අමාත්‍යංශයේ දේශසීමා හා සමුද්‍ර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Hongliang මහතා හා මැලේසියා විදේශ අමාත්‍යංශයේ මහ ලේකම්  Sri Amran Mohamed Zin මහතා  එම සමුළුවේ සම-මුලසුන දරා ඇත. චීනය හා ආසියාන් සංගමයේ සාමාජික රටවල් පොදුවේ විශ්වාසය පළ කළේ දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය රැකගැනීම ඉතා වැදගත් බවයි. සංවාද ශක්තිමත් කිරීම, මතභේද පාලනය කිරීම, මුහුදු ප්‍රදේශයේ ස්ථාවරත්වය රැකගැනීම සිදු කරන ලෙස විවිධ පාර්ශ්වයන් ඉල්ලා සිටී. සම්පූර්ණයෙන්ම දකුණු චීන මුහුදු කලාපය පිළිබඳ ආචාර ධර්ම ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම අඛණ්ඩව අනුගමනය කරමින් නාවික පරිසර සංරක්ෂණය, විද්‍යාත්මක පර්යේෂණ, සමුද්‍රී ආරක්ෂණ හා මුදාගැනීම් කටයුතු යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට විවිධ පාර්ශ්වය එකඟ වූහ. එම සාකච්ඡා කඩිනම් කරමින් අදාළ “රෙගුලාසි” සඳහා එකඟ වීමට විවිධ පාර්ශ්වය කැමැත්ත පළ කර තිබේ.

ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම