තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල උසස් අධ්‍යාපන අවස්ථා
2024-09-13 17:58:59
Share with:

තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල උසස් අධ්‍යාපන අවස්ථා මෙරට තුළ දී ලබා ගැනීමට අවස්ථාව සලසමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව අධ්‍යාපන ආයතන රැසක් ඉදිරියේ දී රට තුළ ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “Times School of Higher Education” උසස් අධ්‍යාපන පාසල සමාරම්භය වෙනුවෙන් කොළඹ දී ඊයේ (12) පැවති උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තරුණ තරුණියන් 50,000කට පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ආණ්ඩුවෙන් මුදල් ලබා දෙන බවයි. එසේම රට තුළ ඇතිවන ඉදිරි ආර්ථික දියුණුවත් සමඟ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නව රැකියා අවස්ථා 100,000ක් පමණ නිර්මාණය වන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම කටයුතුවලදී මෙවන් නව අධ්‍යාපන ආයතන බිහිවීම ඉතා වැදගත් බවද පෙන්වා දී ඇත.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම