උපායමාර්ගික දැක්මකින් යුත් චීනයේ සංවර්ධන දිශාව
2024-09-13 14:48:20
Share with:

චීන නවීකරණයේ යතුරක් වනුයේ විද්‍යාව හා තාක්ෂණය බව චීන ජනපති ෂි ජින්පිං මහතා සිය දේශනයක දී සඳහන් කොට ඇත. එය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන, නවෝත්පාදන දිරිගන්වන ක්‍රමවේදයක් චීනය මේ වනවිටත් දියත් කොට ඇති බව ශ්‍රී ලංකා ජාතික තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය පැතුම් ඒ. රණසිංහ මහතා පවසයි. 2013 වසර වන විට චීනය ගෝලීය නවෝත්පාදන දර්ශකයේ 35 වන ස්ථානයේ සිටිය ද, 2023 වන විට එය 12 වැනි ස්ථානය දක්වා ඉහළට නංවා ගැනීමට සමත්ව ඇත.

ලොව විශාලතම කාර්මික නිෂ්පාදකයා වශයෙන් කටයුතු කරන චීනය දේශගුණික විපර්‍යාසය පිළිබඳව වගවීමක් සහිතව කටයුතු කිරීම ද පැසසිය යුතු ය. හරිත පරිවර්තනය යනු යම් කාලයක් ගත වන ක්‍රියාවලියක් බවත්, එය එක් දිනකින් සිදු කළ නොහැකි බවත් පෙන්වා දෙන ජනපති ෂි ජින්පිං මහතා සිය මඟපෙන්වීමෙන් චීනය තුළ කාබන් විමෝචනය අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘති රාශියක් හඳුන්වා දීමට උපදෙස් ලබා දී ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

සමස්තයක් වශයෙන් පසුගිය දශකය තුළ ලෝක ආර්ථිකය සඳහා චීනයේ දායකත්වය ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇත. සිය ප්‍රගතිය සංවර්ධනය වෙමින් පවතින සියලුම රටවල් සමග බෙදා ගැනීම පිණිස වන සිය අභිලාශය චීනය සිය විදේශ ප්‍රතිපත්තිය තුළින් මනාව පෙන්නුම් කර සිටී.

එළඹෙන යුගයේ චීනයට තවත් අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වනු ඇත. නමුත් සාමකාමී සහජීවනය ඔස්සේ උපායමාර්ගික අවබෝධයකින් කටයුතු කරන හෙයින් චීනය එම අභියෝග නිසැකවම ජය ගනු ඇත. එමෙන්ම චීනය විසින් ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය දකුණේ රටවල් තුළ ක්‍රියාත්මක කරන අධිරාජ්‍ය විරෝධී දේශපාලන ව්‍යාපාර සමග පවත්වන අඛණ්ඩ සහසම්බන්ධය ද අගය කළ යුතු බව ශ්‍රී ලංකා ජාතික තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය පැතුම් ඒ. රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටී.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම