මැතිවරණ ප්රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2024-09-13 18:00:37
Share with:
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ඉන්පසු කිසිදු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්රචාරක කටයුතුවල නියැලීම තහනම් වේ.
පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය ඉවත් කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය සතු බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු කිරීම සඳහා සති 6ක කාලයක් ලබාදුන් බවත්, ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 වනදාට පෙර පැය 48ක් තුළ සියලු ප්රචාරක කටයුතු නතර කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටී.