Gansu පළාත චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාදාමයට එක්වීමේ වැදගත්කම චීන ජනපති අවධාරණය කරයි
2024-09-13 19:38:45
Share with:

Gansu පළාත චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාදාමයට වඩාත් සක්‍රිය ලෙස එක්වීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. ඉකුත් 10 වැනි දා සිට අද (13) දක්වා ෂී ජින් පිං ජනාධිපතිවරයා Gansu පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. එම චාරිකාවේදී හෙතෙම ප්‍රථමයෙන් Tianshui නගරයේ Fuxi විහාරස්ථානය හා Maiji ගල්ගුහා යන ඓතිහාසික ස්ථාන සහ එම නගරයේ ඇපල් වගා මධ්‍යස්ථානයක් නැරඹීමට ද එක්විය. Gansu පළාතේ Lanzhou අගනුවර චීන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවේ දෙවන ගමනාන්තයයි. එම නගරයේ ජනතාව වෙත ගොස් එහි නිවැසියන් මුණගැසී සුහද කතාබහකට එක්වූ චීන ජනාධිපතිවරයා එම ජන ප්‍රජාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳවද සොයා බැලීය. චීනයේ මාතෘ ගංගාව වන කහ ගංගාව පසු කරන එකම අගනුවර මට්ටමේ නගරය වන්නේ Lanzhou නගරයයි. Lanzhou නගරයේ කහ ගංගාව හරහා ඉදිකළ පාලම් කොටස ද ෂී ජින් පිං මහතාගේ නිරීක්ෂණයට ද ලක්විය. නගරයේ පොලිස් සේවා පිළිබඳවද හෙතෙම විමසිල්ලෙන් සොයා බැලීය.

අද (13)  Gansu පළාතේ නායකයින් ඉදිරිපත් කළ කාර්යසාධන වාර්තාවට ෂී ජින් පිං ජනාධිපතිවරයා සවන් දී ඇත. හෙතෙම  Gansu පළාත් ආණ්ඩුවේ කටයුතු අගය කරමින්,  වඩාත් ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙනයමින් Gansu පළාත චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාදාමයට එක් කළ යුතු බව පෙන්වා දුන්නේ ය. බටහිර චීනයේ සංවර්ධනය, කහ ගංගා ද්‍රෝණියේ ජෛව ආරක්ෂාව හා ඉහළ තත්ත්වයේ සංවර්ධනය පිළිබඳව මධ්‍යම රජය ගත් තීන්දු තීරණ මැනවින් ක්‍රියාවට නංවාලීමේ අවශ්‍යතාව හෙතෙම අවධාරණය කර ඇත.  ජෛව පද්ධති ආරක්ෂාව හා ප්‍රකෘතිය, හරිත හා අවකාබන් සංවර්ධන ර‍ටාව සැකසීම, ග්‍රාමීය පුනර්ජීවනය, ජනතා අවශ්‍යතා සපුරාලීම මෙන්ම ජන වාර්ගික සමගිය ඇතුළු කරුණු කෙරෙහි පෙරට වඩා වැඩි අවධානයක් යොමු කරන ලෙසත්,  එමගින් Gansu පළාත තවදුරටත් සශ්‍රීක පළාතක් බවට පත් කරන ලෙසත්, චීන ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද කර ඇත.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම