චින මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ජාතික පදක්කම් හා ජාතික ගෞරව නාම පිරිනැමීම පිළිබඳ තීරණය 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 11 වැනි සැසිවාරය අද(13) පෙරවරුවේ සම්මත කළේය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අදාළ ජනාධිපති නියෝගයට අත්සන් කළ අතර ඒ අනුව පුද්ගලයන් 15ක් වෙත ජාතික පදක්කම් හා ජාතික ගෞරව නාම පිරිනැමෙනු ඇත.
එම නියෝගයට අනුව Wang Yongzhi, Wang Zhenyi, Li Zhensheng හා Huang Zongde වෙත සමූහාණ්ඩු පදක්කම පිරිනැමේ. Dilma Rousseff වෙත මිත්‍රශීලි පදක්කම පිරිනැමේ. Wang Xiaomo හා Zhao Zhongxian වෙත “ජනතාවගේ විද්‍යාඥයා” ජාතික ගෞරව නාමය පිරිනැමේ. බයිකා කෙලිඩිබෙක් වෙත “ජනතාවගේ ආරක්ෂකයා” ජාතික ගෞරව නාමය ද පිරිනැමෙනු ඇත. Tianhua වෙත “ජනතාවගේ කලා ශිල්පියා” ජාතික ගෞරව නාමය ද, Xu Zhenchao වෙත “ජනතාවගේ ශිල්පියා” ජාතික ගෞරව නාමය ද පිරිනැමේ. Zhang Jinfan හා Huang Dalian වෙත “ජනතාවගේ අධ්‍යාපනික විශිෂ්ටයා” ජාතික ගෞරව නාමය පිරිනැමේ. Lu Shengmei වෙත “ජනතාවගේ වෛද්‍ය සේවිකාව” යන ජාතික ගෞරව නාමය පිරිනැමෙනු ඇත. Zhang Zhuoyuan වෙත “ආර්ථික පර්යේෂණ විශිෂ්ටයා” ජාතික ගෞරව නාමය පිරිනැමේ. එමෙන්ම Zhang Xielin වෙත “ක්‍රීඩාවේ විශිෂ්ටයා ” ජාතික ගෞරව නාමය ද පිරිනැමේ.