ඉහළ මට්ටමේ විවෘතභාවය ඔස්සේ සේවා වෙළඳාමේ ගුණාත්මක සංවර්ධනය තහවුරු කිරීමට චීනය සූදානම් වෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා මේ බව පැවසුවේ ඊයේ(12) බෙයිජිං හි ආරම්භ වූ 2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයේ ගෝලීය සේවා වෙළඳ සමුළුව අමතමිනි.
ඉහළ මට්ටමේ විවෘතභාවය, සේවා කර්මාන්තය හා සේවා වෙළඳ නවෝත්පාදන සංවර්ධනය කඩිනම් කිරීමෙන් චීනය ඉහළ ප්‍රගතියක් ලබා ගෙන ඇති බව හෙතෙම එහිදී කීය. විවිධ පාර්ශ්ව සමග එක්ව, සේවා කර්මාන්තය හා සේවා වෙළඳ සහයෝගිතාව තවදුරටත් සහතික කරමින් ලෝක ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් වඩාත් ප්රශස්ත දායකත්වයක් ලබා දීමට චීනය සූදානම් බව ද උප අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, කොමියුනිස්ට් පක්ෂයේ බෙයිජිං කමිටුවේ ලේකම් Yin Li මහතා සමුළුවේදී ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රදර්ශනය වෙනුවෙන් යොමු කළ සුබ පැතුම් ලිපිය ප්‍රකාශයට පත් කළේය. එසේ ම, ජෝජියාවේ පළමුවැනි උප අග්‍රාමාත්‍ය Levan Davitashvili, ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Daren Tang යන මහත්වරු ද සමුළුවට එක්වෙමින් දේශන පැවැත්වූහ. ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානයේ මහලේකම් Mathias Cormann මහතා වීඩියෝ ආකාරයෙන් සමුළුව ඇමතීය.