අසමානතාවය තුරන් කිරීම සහ ආර්ථීක, සමාජීය, වෙළඳ හා සංස්කෘතික අයිතිවාසිකම් යන ක්ෂේත්‍රවල ඓතිහාසික ජයග්‍රහණ ලබා ගත් බව චීනය පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරයට සමගාමීව,“මානව හිමිකම් අසමානතාව තුරන් කිරීම තුළ ආර්ථීක සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ සහතික කිරීම”යන තේමාවෙන් යුත් රැස්වීම 11 වැනිදා පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනිවා කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ ජගත් සංවිධානයන්හි චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා එහිදී මේ අදහස් පළ කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමේ සිට මේ දක්වා අසමානතාවය තුරන් කිරීම හා ආර්ථීක, සමාජීය, වෙළඳ හා සංස්කෘතික අයිතිවාසිකම් යන ක්ෂේත්‍රවල චීනය ඓතිහාසික ජයග්‍රහණ හිමි කර ගෙන තිබේ. ග්‍රාමීය දිළිඳු ජනගහනය මිලියන සියයක පමණ පිරිසක් සම්පූර්ණයෙන් සාර්ථිකව දිළිඳුකමින් මුදවා ගැනීම ඊට ඇතුළත් බව හෙතෙම සඳහන් කළේය. ආබාධිත පුද්ගලයින් වැනි විශේෂ අවශ්‍යතා ඇති පිරිස්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා චීනය විශාල වැදගත්කමක් ලබා දෙයි. ප්‍රථම බාධා රහිත පරිසර ගොඩනැගීමේ නීතිය අනුමත කිරීම, පුනරුත්ථාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම යන පියවර යොදා ගනිමින් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා වඩා මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කර ඇතැයි හෙතෙම එහිදී පැවසීය. ඒ ඒ රටවල් සමග එක්ව සමාන හා ක්‍රමවත් බහු ධ්‍රැවීය ලෝකයක් සහ සැමට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික ගෝලීයකරණයක් වෙනුවෙන් පෙනී සිටීමට චීනය කැමැත්තෙන් සිටින බවද Chen Xu මහතා ප්‍රකාශ කළේය.