චීන අග්‍රාමාත්‍ය Li Qiang චීන-එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරික සංසදයට සහභාගී වෙමින් දේශනයක් පවත්වයි. සංසදය ඊයේ (12) පස්වරුවේ ඩුබායි හි පැවැත්විණ.
චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 40 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් වන බව Li Qiang මහතා පැවසීය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට දෙරට අතර ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව ඵලදායී ප්‍රතිඵල අත්කරගෙන ඇති අතර මිත්‍රත්වය සහ විශ්වාසය අඛණ්ඩව ගැඹුරු වී ඇත.
වර්තමානයේ චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතාව අතීතය සහ අනාගතය සම්බන්ධ කරන ඓතිහාසික ලක්ෂ්‍යයක පවතින බවත්, චීන-එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව එහි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැදගත් අවස්ථාවකට මුහුණ දී ඇති බවත් Li Qiang මහතා පෙන්වා දුන්නේය. දෙරටේම ව්‍යවසායන් සහයෝගීතාවය සඳහා නව අවස්ථා අත්පත් කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. දෙපාර්ශ්වය විසින්“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැංවීම, වෙළඳාම, නව බලශක්තිය, සංචාරය සහ වෙනත් ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීම මෙන්ම උසස් නිෂ්පාදන, ඩිජිටල් ආර්ථිකය කෘත්‍රිම බුද්ධිය වැනි අති නවීන ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට හැකිවෙතැයි ද චීන අගමැතිවරයා අපේක්ෂා පළ කළේය.
චීන සහ අරාබි රජයන්, වාණිජ මණ්ඩල සහ ව්‍යවසායක නියෝජිතයෝ 200 ක් පමණ මෙම සංසදයට සහභාගී වූහ.