බටහිර ආර්ථික ප්‍රතිපත්තීන් වලට සාපේක්ෂව චීන ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධනය වෙමින් පවතින රටවලට හිතකරයි
2024-09-13 10:00:02
Share with:

චීනයේ ආර්ථික ධාරිතාව සහ චීන ආර්ථිකය ලෝකයට එල්ල කරන යහපත් බලපෑම විශාල ලෙස වර්ධනය වී ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය ටියුඩර්  වීරසිංහ මහතා පවසයි. චීන ආර්ථිකය මත ලෝකයේ බොහෝ  ජාතික ආර්ථිකයන් පවා රඳා පැවැත්මද වැඩිවෙමින් පවතී. චීන ආර්ථිකය තුළ සිදුවන ඇතැම් උච්ඡාවචනයන් ගෙන් එම ජාතික ආර්ථිකයට ගෙන එන බලපෑම් තුළින් ඒ බව පැහැදිලිය. උදාහරණයක් ලෙස සංචාරක කර්මාන්තය පෙන්වා දිය හැකිය. චීන සංචාරකයන් සිදු කරන බාහිර සංචාර වැඩි කිරීමත් සමග සංචාරක කර්මාන්තයෙන් විශාල දායකත්වයක් සපයන ජාතික ආර්ථිකයන්ට ධනාත්මක බලපෑමක් එල්ල කරන අතරම චීන සංචාරකයන් සිදු කරන බාහිර සංචාර අඩු කිරීමත් සමගම එවැනි ආර්ථිකයන්ට ඍණාත්මක බලපෑම් එල්ලවීමක් ද දැකිය හැකිය.

ලෝක ආර්ථික ප්‍රවාහය තුළ මීට දශක  හතරකට පහකට පෙර  මෙවැනි තත්ත්වයක් නොතිබුණු අතර එය මේවනවිට වෙනස් වී ඇත. බටහිර ප්‍රමුඛ කරගත් ආර්ථික මාදිලියක අධිපත්‍යය එනම් ආනයන අපනයන  ආයෝජන ක්ෂේත්‍රයන්  යුරෝපා සහ ඇමරිකානු  වෙත ප්‍රබල නැඹුරුතාවක් එවක පැවතිණ. එහෙත් එම තත්ත්වය වෙනස් වී අද වනවිට එය චීනය වෙත ගමන් කර ඇත. චීනය අද ලෝක   ආර්ථික මධ්‍යස්ථානය බවට පත්වී වෙමින් පවතී. එය යුරෝඒෂියා ධනවාදී රටවල් මුල්කරගත් කලාප දක්වා විහිදී ඇතැයි ද මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා කියයි .

බටහිර ආර්ථික ප්‍රතිපත්තීන් වලට සාපේක්ෂව චීන ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා හිතකර යැයිද හෙතෙම පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම