11වැනි බෙයිජිං Xiangshan සංසදයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි.
එම සුබපැතුම් ලිපිය අද(13) යොමු කෙරිණ.
චීනය ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාත්මක කරමින් ගෝලීය ආරක්ෂක පාලනය වැඩි දියුණු කරන අතර කල්පවතින සාමය සහ විශ්වීය ආරක්ෂාව සහිත ලෝකයක් ගොඩනැගීමට අඛණ්ඩව උත්සාහයන් දරන බව ෂී ජින් පිං මහතා සඳහන් කරයි. මෙම සංසදයෙන් සමානාත්වය, විවෘතභාවය, ඇතුළත් කිරීම හා අන්‍යෝන්‍ය ඉගෙනීම යන ජීවගුණය පවත්වා ගෙන ගොස්, එකඟතාවන් ගොඩනඟා අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට හැකිවෙතැයි අපෙක්ෂා කෙරේ. ගෝලීය ආරක්ෂක අභියෝගවලට ඒකාබද්ධව ප්‍රතිචාර දක්වමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට නව හා වඩා විශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
"සාමය එක්ව ගොඩනගා අනාගතය පොදුවේ බෙදාගැනීම" යන තේමාවෙන් යුත් 11 වැනි බෙයිජිං Xiangshan සංසදය අද බෙයිජිං නුවර දී ආරම්භ විය.