චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති Sheikh Mohamed bin Zayed Al Nahyan මහතා හමු වෙයි. එම හමුව අද (12) පෙරවරුවේ අබුඩාබි නුවරදී පැවැත්විණ. චීනය මැද පෙරදිග රටවල් සමග පවත්නා සම්බන්ධතා අතරින් චීන- එක්සත් අරාබි එමීර් රාජ්‍ය සම්බන්ධතා ඉතා කැපී පෙනෙන බව ලි ච්‍යං එහිදී කියා සිටියේ ය. මෑත වසරවල දෙරට දේශපාලනික වශයෙන් එකිනෙකට සහාය දී තිබේ. ඉකුත් මැයි මාසයේ දෙරටේ ජනාධිපතිවරුන් හමු වී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය වෙනුවෙන් උපායමාර්ගික වශයෙන් සැලසුම් කර ඇත. එම සැලසුම් අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග එක්ව ආර්ථික, වෙළඳ හා බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.
Sheikh Mohamed bin Zayed Al Nahyan ජනාධිපතිවරයා එහිදී පැවසුවේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීනය සමග උපායමාර්ගික හවුල්කාරීත්වය පවත්වාගෙන යාමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැමැත්තෙන් සිටින බවයි. ආර්ථික, වෙළඳ හා සංස්කෘතික ඇතුළු විවිධ ක්ෂේත්‍රවල චීනය සමග සහයෝගිතා පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලාපොරොත්තු වෙයි. එකම චීනය මූලධර්මයේ එළඹ සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.