දකුණු චීන මුහුදේ ප්‍රශ්නය පිළිබඳ ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයේ ප්‍රධානීන් අතර හමුවක්
2024-09-12 11:01:12
Share with:

දකුණු චීන මුහුදේ ප්‍රශ්නය පිළිබඳ චීන-පිලිපීන ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයේ ප්‍රධානීන් අතර හමුවක් ඊයේ(11) බෙයිජිං හි දී පැවැත්විණ. චීන නියෝජ්‍ය විදේශ ඇමති Chen Xiaodong මහතා සහ පිලිපීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Ma. Theresa P. Lazaro මහත්මිය ඊට සහභාගී වූහ.

Xianbin ගල්පරය ඇතුළු දකුණු චීන මුහුද පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එහි දී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත්හ. Xianbin ගල්පරය පිළිබඳ චීනය සිය ප්‍රතිපත්තිමය ස්ථාවරය නැවත අවධාරණය කළ අතර අදාළ පිලිපීන නැව් වහාම ඉන් ඉවත් කරන ලෙස චීනය නැවතත් පිලිපීනයෙන් ඉල්ලා සිටියේ ය. සිය ස්වෛරීභාවය සහ “දකුණු චීන මුහුදේ පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රකාශයේ” නිසි ක්‍රියාකාරීත්වය චීනය තරයේ ආරක්ෂා කරන බව ද එහිදී අවධාරණය කෙරිණ. චීන-පිලිපීන උපදේශන යාන්ත්‍රණය සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද හරහා සන්නිවේදනය දිගටම පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.

ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම