රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ දී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ජනපති පවසයි
2024-09-12 18:07:50
Share with:

රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ දී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හෙතෙම කියාසිටියේ ජනතාව නිවැරදි තීරණයක් නොගතහොත් රට තුළ යළිත් ආර්ථික අර්බුදයක් හටගනු ඇති බව ය. අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. 

එසේම තමා කිසිවිටෙකත් ජනවාර්ගික ප්‍රශ්නය සහ ආගමික ප්‍රශ්නය පදනම් කර ගනිමින් මැතිවරණ නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන්ම ලබා දෙන බවත්, අනෙක් නායකයන් මැතිවරණ වේදිකාවල පොරාන්දු දෙන විට තමා ජනතාව ඉදිරියට පැමිණෙන්නේ පොරොන්දු ඉටු කිරීමෙන් පසුව බව ද සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම