බ්‍රික්ස් රටවල ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නියෝජිතයන්ගේ රැස්වීම ශාන්ත පීටර්ස්බර්ග් හිදී
2024-09-12 10:27:08
Share with:

බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ 14 වැනි රැස්වීම පැවැත්වේ. ඒ, ඊයේ (11) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික මෙන්ම එම සභාවේ ‍විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ, විදේශ අමාත්‍ය වං යී මහතා එම රැස්වීමට සහභාගි විය.

ගෝලීය ආරක්ෂාවට එරෙහි තර්ජන, ත්‍රස්තවිරෝධී ප්‍රතිපත්ති, අන්තර්ජාල සුරක්ෂිතතාව සහ ගෝලීය පාලනය යන කරුණු සම්බන්ධයෙන් එහිදී පුළුල් අදහස් හුවමාරු කරගැනිණ. මෙම වසරේ, රුසියාවේ කසාන් නුවර පැවැත්වෙන බ්‍රික්ස් නායක සමුළුව සඳහා අවශ්‍ය දේශපාලන සූදානම ද මෙම රැස්වීමේ දී  සකස් වී තිබේ.

ගෙවී ගිය වසර 18 තුළ බ්‍රික්ස් යාන්ත්‍රණය සෑමවිටම විවෘතභාවය, සමීපත්වය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණ යන මූලධර්මවලට අනුගත වී ඇති අතර, එය දකුණු-දකුණු සහයෝගිතාව සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බව වං යී මහතා එහිදී පෙන්වා දුන්නේය.

ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ රැස්වීම, බ්‍රික්ස් රටවල දේශපාලන හා ආරක්ෂක සහයෝගිතාව සඳහා වන කේන්ද්‍රීය යාන්ත්‍රණය යි. එය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන, තම රටවල ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජාත්‍යන්තර පද්ධතියේ පැවැත්ම වඩාත් සාධාරණ දිශාවකට යොමු කළ යුතු බව ද වං යී මහතා සඳහන් කළේය.

බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණයේ සුවිශේෂී කාර්යභාරය සහ කැපීපෙනෙන ජයග්‍රහණ එම රැස්වීමට එක්ව සිටි විවිධ පාර්ශ්වයන්ගේ ඉහළ පැසසුමට ලක් විය. සාධාරණත්වය සහ යුක්තිය සහතික කරමින්, සාමය හා ආරක්ෂාව ප්‍රවර්ධනයට දායක වීම සඳහා බ්‍රික්ස් රටවල්, සමාන අදහස් ඇති හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කළ යුතු බව ද ඔවුහු කියාසිටියහ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම