පෞද්ගලික අංශයේ අවම මූලික වැටුප ඉහළට
2024-09-12 18:10:42
Share with:
පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (11) අත්සන් තබා ඇත. ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ගෙවීමේදී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් සිය සේවකයන් සඳහා මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාතික අවම මාසික වේතනය වශයෙන් රුපියල් 17,500ක් සමග 2005 අංක 36 හා 2016 අංක 4 දරන අය-වැය සහන දීමනා පනත් මගින් ගෙවිය යුතු රුපියල් 3,500ක අය-වැය දීමනා ඇතුළු රුපියල් 21,000ක අවම වේතනයක් ගෙවිය යුතු බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.