අප්‍රිකා රටවල් සමග පොදු සංවර්ධනය සඳහා චීනයේ ක්‍රියාකාරිත්වය යළි සහතික කෙරේ
2024-09-12 18:20:15
Share with:

අප්‍රිකා රටවල් සමග පොදු සංවර්ධනය සඳහා වන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා අත්සන් තැබීමට චීන වාණිජ අමාත්‍යංශය සක්‍රීය ලෙස කටයුතු කරමින් සිටී.

චීන අප්‍රිකා සහ‍යෝගිතා සංසදයේ බෙයිජිං නායක සමුළුවේදී ඉතියෝපියාව, බුරුන්ඩි, ඉක්වදෝර් ගිනියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය ඇතුළු රටවල් 22ක් සමග එම ගිවිසුම් වෙන් වෙන් ව චීනය අත්සන් තබා තිබේ.

එම රාමුගත ගිවිසුමට ඉලක්ක, මූලධර්මය, සාකච්ඡා පරාසය ඇතුළු කාර්යයන් ඇතුළත් ය. එම ගිවිසුම මත දෙපාර්ශ්වය ඉදිරියේ දී වෙළඳ, ‍ආයෝජන ඇතුළු තේමා පිළිබඳ සාකච්ඡා කරනු ඇත. ඉන් චීන අප්‍රිකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාවන්ට දිගුකාලීන, ස්ථීර මෙන් ම පුරෝකථන ක්‍රම පිළිබඳ සහතිකයක් සැපයේ.

එකඟත්වයක් දක්වන අප්‍රිකා රටවල් සමග සංවාද ශක්තිමත් කරමින් මෙවර සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාවට නැංවීමට චීනය අඛණ්ඩව කටයුතු කරනු ඇත. අදාළ ප්‍රතිලාභ කඩිනමින් අදාළ රටවල් හා ජනතාව වෙත ලබා දීමට චීනය ක්‍රියාකාරීව උත්සහා කරමින් සිටී .

ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම