චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Shaanxi පළාතේ හා Gansu පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.
ඉකුත් 10 වැනිදා පස්වරුවේ සිට ඊයේ (11) පෙරවරුව දක්වා සිදුකෙරුණු චාරිකාවේ දී ජනාධිපතිවරයා Shaanxi පළාතේ Baoji සහ Gansu පළාතේ Tianshui යන නගරවලට පැමිණ එහි විවිධ ස්ථාන නිරීක්ෂණය කළේය.
Baoji නගරයේ Baoji ලෝකඩ කෞතුකාගාරයේ පුරාවස්තු සංරක්ෂණය හා භාවිත කිරීමේ ක්‍රමවේද සහ Weihe ගංගා උද්‍යානයේ ජෛව පරිසරය සුරක්ෂිත කිරීම හා අදාළ පරිපාලන තත්ත්වය ද ඔහුගේ අවධානයට ලක්විය.
අනතුරුව, Tianshui නගරයේ Fuxi විහාරස්ථානය, Maiji ගල්ලෙන යන ඓතිහාසික ස්ථානවලට පැමිණි චීන ජනාධිපතිවරයා එහි සංස්කෘතික උරුම සංරක්ෂණ තත්ත්වය ද විමසා බැලීය. එසේම, Maiji දිස්ත්‍රික්කයේ ඇපල් වගාකිරීමේ මධ්‍යස්ථානය නැරඹූ හෙතෙම ප්‍රාදේශීය තත්ත්වයන්ට ගැලපෙන නවීන කඳුකර පලතුරු වගා කර්මාන්තයේ සංවර්ධනය ද නිරීක්ෂණය කළේය.