2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(12) සුබ පැතුම් පිරිනමා ඇත.
චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය දස වතාවක් සාර්ථකව පවත්වා ඇති බවත් එය චීන සේවා කර්මාන්තයේ හා සේවා වෙළඳාමේ උසස් ගුණාත්මක සංවර්ධනයේ සැබෑ පිළිබිඹුවක් බවත් ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. උසස් මට්ටමේ විවෘතභාවයෙන් ඉහල ගුණාත්මක සංවර්ධනය ඉදිරියට මෙහෙයවමින් විවෘතභාවය පිළිබඳ ක්‍රමවේද පරිපූර්ණ කිරීමෙහි චීනය නියැළී සිටියි. එසේම ජාත්‍යන්තර උසස් ප්‍රමිතිගත ආර්ථික හා වෙළඳ නියාමන සමග සම්බන්ධ කර සිය සේවා කර්මාන්තයේ විවෘතභාවය ක්‍රමානුකූලව සිදු කොට වෙළඳපොලකරණයේ, නීත්‍යානුකූලභාවයේ, ජාත්‍යන්තරකරණයේ උසස්ම ව්‍යාපාරික පරිසරය ගොඩනැගීමට චීනය උත්සාහ කරන බව ඔහු කීය. ලොව සෙසු රටවල් සමග එක්ව ආර්ථික ගෝලීයකරණයේ ප්‍රවණතාවට සරිලන සේ අවස්ථා බෙදා ගනිමින්, සහයෝගතා පුළුල් කර සංවර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්ව ඇත.
2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය අද(12) බෙයිජිංහිදී ඇරඹිණ. ‘ගෝලීය සේවාවෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා අවස්ථා බෙදා ගැනීම ප්‍රවර්ධනය’ එහි තේමාව යි.