21 වන චීන-ආසියාන් ප්‍රදර්ශනය ලබන 24වැනිදා ඇරඹේ
2024-09-11 18:41:49
Share with:
චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයට අනුව, 21වන චීන-ආසියාන් ප්‍රදර්ශනය ලබන 24වැනිදා සිට 28වැනිදා දක්වා Guangxi Zhuang ස්වායත්තයේ Nanning නගරයේ දී පැවැත්වීමට නියමිත ය. ප්‍රදර්ශන භූමිය වර්ග මීටර් ලක්ෂ 2කට ආසන්න වන අතර, ප්‍රදර්ශකයින් 3,000 කට වඩා ඊට එක් වනු ඇත. දේශපාලන හා ව්‍යාපාරික ක්‍රියාකාරකම් මාලාවක් සහ ආර්ථික-වෙළෙඳ කටයුතුවලට අනුබල දීමේ ක්‍රියාකාරකම් මාලාවක් ද එහිදී පැවැත්වීමට නියමිත ය.
මීට අමතරව, 21වන චීන-ආසියාන් ව්‍යාපාර සහ ආයෝජන සමුළුව ද ලබන 24වැනිදා සිට 25වැනිදා දක්වා Nanning නගරයේ දී පැවැත්වේ.