චීනය 7 වැනි වරටත් ලෝක නිපුණතා තරගාවලියට එක්වෙයි
2024-09-11 11:00:55
Share with:
47 වැනි ලෝක නිපුණතා තරගාවලිය ඇරඹේ. එය, ප්‍රංශයේ ලියොන් නගරයේ දී ඊයේ (10) ආරම්භ විය.
රටවල් හා කලාප 70 ක් පමණ නියෝජනය කරමින් තරගකරුවෝ 1400 කට අධික සංඛ්‍යාවක් ඊට එක්ව සිටිති.
ප්‍රවාහනය හා භාණ්ඩ සැපයුම්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, සමාජයීය සහ පුද්ගලික සේවා යන මෙහි ප්‍රධාන ක්ෂේත්‍ර 6 ට ඇතුළත් සමස්ත තරඟ ඉසව් 59 සඳහා ම චීනය සහභාගි වීම විශේෂත්වයකි. එම තරඟකරුවන් සංඛ්‍යාව 68 ක් වන අතර, ඔවුන් සියලුදෙනාගේ සාමාන්‍ය වයස අවුරුදු 22 ක් වේ.
චීනය, ලෝක නිපුණතා තරඟාවලියට එක්වන 7 වැනි අවස්ථාව මෙයයි. එසේම, ඊට එක් වූ වැඩිම චීන තරඟකරුවන් සංඛ්‍යාව හා සහභාගි වන වැඩිම තරඟ ඉසව් ගණන ද මෙවර වාර්තා වීම කැපීපෙනේ.