ඇල්ජීරියාවේ ජනපති ලෙස යළි තේරී පත් වූ Abdelmadjid මහතාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-09-11 19:42:13
Share with:

ඇල්ජීරියා ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ ජනාධිපති ලෙස යළි තේරී පත් වූ Abdelmadjid Tebboune මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(11) සුභ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

චීනය සහ ඇල්ජීරියාවට සම්ප්‍රදායික මිත්‍ර සබඳතා ඇති බව ෂී ජින් පිං මහතා එහි සඳහන් කර තිබේ. මෑත වසරවලදී දෙරට අතර සබඳතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවයෙන් ඵලදායී ප්‍රතිඵල ලබා ඇත. චීන-ඇල්ජීරියා සබඳතා වර්ධනයට තමා විශාල වැදගත්කමක් ලබා දෙන බව ද හෙතෙම පැවසීය. චීන-ඇල්ජීරියා විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය පිහිටුවීමේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන්, Abdelmadjid Tebboune මහතා සමග එක්ව කටයුතු කරමින්, ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් පුළුල් හා ශක්තිමත් කිරීමට මෙන්ම, දෙරට අතර මිත්‍රශීලී සහයෝගිතාව සඳහා පුළුල් අපේක්ෂාවන් එක්ව විවෘත කිරීමට ද, තමා කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා සිය පණිවිඩයෙන් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම