ලෝකයට විශාල ප්‍රතිලාභ ගෙන දෙන චීන වෙළදපොළ කෙරෙහි විදෙස් ආකර්ෂණය
2024-09-11 20:43:09
Share with:

මෑතකදී චීනයේ Xiamen නගරයේ පැවති 24 වැනි චීන ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳ සමුළුව, විදේශ ප්‍රාග්ධන සමාගම්වලට චීනය පිළිබඳ අවබෝධය ලබා ගැනීම හා අවස්ථා සොයා ගැනීමේ වැදගත් වේදිකාවක් බවට පත්ව තිබේ. එහිදී බොහෝ ජාත්‍යන්තර සමාගම්වල නියෝජිතයන් පවසා ඇත්තේ චීන වෙළඳපොළ අහිමි කළ නොහැකි බවයි.

චීන වෙළඳපොල තිරසරව ලෝකයට විශාල අවස්ථාවකි. වර්තමානයේ චීනය හරිත පරිවර්තනය ප්‍රවර්ධනය කරමින් සිටී. පිරිසිදු බලශක්ති වර්ධනය හා භාවිතය, කාබන් ගබඩා කිරීම ඇතුළු ක්ෂේත්‍රවල යහපත් අනාගතයක් නිර්මාණය කර තිබේ. එමෙන්ම චීනයේ පරිභෝජන සංකල්පය අඛණ්ඩව ඉහළට නංවාලීම හේතුවෙන් අධික ගුණාත්මක නිෂ්පාදන හා සේවා පිළිබඳ අවශ්‍යතාවන් ඉහළ යමින් පවතී.

චීනයේ ප්‍රබල කාර්මික සහ සැපයුම් දාම ඔස්සේ විදේශ ප්‍රාග්ධන සමාගම් චීනයේ ව්‍යාපාර පිහිටුවීමට ශක්තිමත් සහතිකයක් ලබා දී ඇත. බොහෝ විදේශ ප්‍රාග්ධන සමාගම් පවසා ඇත්තේ චීනයේ සම්පූර්ණ කාර්මික පද්ධතිය, උසස් බුද්ධිමත් නිෂ්පාදන තාක්ෂණය හා උසස් මට්ටමේ හැකියාවන් සහිත ශ්‍රම බලකායකින් යුක්ත නිසා සිය සමාගම්වල නිෂ්පාදන හැකියාව වැඩිදියුණු කළ හැකි බවයි. ගෙවී ගිය මාස 8 තුළ චීන භාණ්ඩ වෙළඳ පරිමාණය පසුගිය වසරේ අගයට වඩා සියයට 6කින් වර්ධනය වී තිබේ. ඒ අතරින් අපනයන පරිමාණය පසුගිය වසරේ අගයට වඩා සියයට 6.9කින් වැඩි විය. මෙවර චීන ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳ සමුළුවේදී නිකුත් කළ වාර්තාවකට අනුව 2023 වසරේ චීනය, ලෝකයේ දෙවැනි වැඩි ම විදේශ ආයෝජන සහිත රට බවට පත්ව තිබේ.

චීනය, විවෘතභාවය හා සහයෝගිතා සහිත මධ්‍යස්ථානයකි. විදේශ ආයෝජන විවිධ අයුරින් චීන වෙළඳපොල තුළ වර්ධනය වෙමින් විවිධ රටවල් සමග ද චීනයේ සංවර්ධන ප්‍රතිලාභ බෙදා ගනිමින් සිටීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම