චීන අගමැති Li Qiang මහතා චීන-සෞදි උසස් මට්ටමේ ඒකාබද්ධ කමිටුවේ සිව්වන රැස්වීමේ මුලසුන දැරීමට සහ සංචාරයක් සඳහා සෞදි අරාබිය වෙත ඊයේ(10) ළඟා විය. සෞදියේ ඔටුන්න හිමි කුමරු සහ අගමැති මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් මහතාගේ ආරාධනයකට අනුව හෙතෙම ඊට එක්ව තිබේ.
චීනය සහ සෞදි අරාබිය තම සංචාරය තුළින් දෙරට සංවර්ධන උපාය මාර්ග තවදුරටත් ශක්තිමත් කර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකට ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව Li Qiang මහතා පැවසීය.
චීනය සහ සෞදි අරාබිය අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සිහිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේ වසර 34කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට දෙපාර්ශ්වයේම ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් චීන-සෞදි අරාබි සබඳතා ප්‍රායෝගික සහයෝගීතාවයේ ඵලදායි ප්‍රතිඵල ලබා ගනිමින් සංවර්ධනයේ ඉදිරි පිම්මක් අත්කරගෙන ඇති බවයි.
2022 වසරේ දෙසැම්බරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පළමු චීන-අරාබි රාජ්‍ය සමුළුවට සහ පළමු චීන-ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සමුළුවට සහභාගී වෙමින් සෞදි අරාබියේ රාජ්‍ය සංචාරයක නිරත වූ බව Li Qiang මහතා පැවසීය.
වසරකට වැඩි කාලයක් දෙපාර්ශ්වයම සමුළුවල ප්‍රධාන ප්‍රතිඵල සක්‍රියව ක්‍රියාවට නංවා තිබේ. දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව ශක්තිමත් කිරීම, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යාම, කලාපීය හා ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් සමීප සන්නිවේදනය සහ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් අඛණ්ඩව චීන-සෞදි අරාබිය අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයට නව මානයන් එකතු කර ඇතැයි චීන අගමැතිවරයා සඳහන් කළේය.
මෙම සංචාරයේදී සෞදි ඔටුන්න හිමි කුමරු සහ අගමැතිවරයා සමඟ ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීම සහ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පොදු අවධානය යොමු කළ යුතු අනෙකුත් කරුණු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන බව Li Qiang මහතා පැවසීය.
තම සංචාරයේ දී විවිධ ක්ෂේත්‍ර හරහා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, දෙරට අතර මිත්‍රත්වය ගැඹුරු කිරීමටත්, චීන-ගල්ෆ් සහයෝගිතාව සහ චීන-අරාබි සබඳතාවල වැඩි ප්‍රගතියක් ඇති කිරීමටත් අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
සෞදි අරාබිය Li Qiang මහතාගේ මැදපෙරදිග සිව්දින සංචාරයේ පළමු අදියර වන අතර ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට ද එක් වනු ඇත.