ආර්ථික අභියෝගය හමුවේ ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටු කළ බව ජනපති පවසයි
2024-09-11 16:57:55
Share with:
පැවති ආර්ථික අභියෝගය හමුවේ ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලමින් ඔවුන් ජීවත් කරවීමේ වගකීම ඉටු කළ හෙයින් අද වනවිට බහුතර ජනතාවගේ උපහාරය තමා වෙත හිමිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ගොඩනැගීමට එක් වූ පිරිසට රටේ අනාගතය ගොඩනැගීමේ ශක්තිය ද ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා වූ වැඩපිළිවෙළ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ තුළින් ඉදිරිපත් කර ඇති බව ද ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (10) නාරම්වල ප්‍රදේශයේ පැවති විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.