සිය උපායමාර්ගික උපදේශන හා සහයෝගතාවන් ශක්තිමත් කිරීමට චීනය හා රුසියාව අතර එකඟතාවක්
2024-09-11 09:17:44
Share with:

සිය උපායමාර්ගික උපදේශන හා සහයෝගතාවන් ශක්තිමත් කිරීමට චීනය හා රුසියාව එකඟ වෙයි. චීන විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසන් කාර්යාලයේ අධ්‍යක්ෂ සහ විදේශ ඇමති වන්ග් යී මහතා හා රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සලයේ ලේකම් සර්ගි ෂොයිගු මහතා අතර ඊයේ (10) පිටර්ස්බර්ග් නගරයේ පැවති හමුවකදී මෙම එකඟතාව පළවිය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වන්ග් යී මහතා එහිදී පැවසුවේ සියවසක් තුළ මුහුණ දෙන අනපේක්ෂිත තත්ත්වයන් මතුව ඇති බවයි. එවැනි පසුබිමක් තුළ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ මඟපෙන්වීම යටතේ චීන රුසියා ස්ථාවර හා යහපත් සබඳතා වර්ධනයේ වැදගත්කම හෙතෙම පෙන්වා දුන්නේය. චීන රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා මෙම වසරට වසර 75ක් සපිරේ. දෙපාර්ශ්වය එය පදනම් කර ගනිමින් සියළු මට්ටමේ හුවමාරු පවත්වා ගැනීම, දෙරටේ රාජ්‍ය නායකයන් එළඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීම මෙන්ම යහපත් අසල්වැසියන් වශයෙන් චීනය හා රුසියාව අතර පවතින දේශපාලන හා සමාජ පදනම තවදුරටත් තහවුරු කළ යුතු බවද වන්ග් යී මහතා සඳහන් කළේය. චීන රුසියා උපායමාර්ගික ආරක්ෂක උපදේශන යාන්ත්‍රණයට හා බ්‍රික්ස් සංවිධානයේ වාරික සභාපති රට වශයෙන් රුසියාවට සිය කාර්යයන් වෙනුවෙන් චීනය සහයෝගය පළ කරන බවද හෙතෙම පැවසීය.

එහිදී අදහස් දැක්වූ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුසලයේ ලේකම් සර්ගි ෂොයිගු මහතා දෙරට අතර ඉහළ මට්ටමේ හුවමාරු සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රතිඵලදායී  සහයෝගතාවන් චීන රුසියා උපායමාර්ගික සහයෝගතාවන් තුළ කැපී පෙනෙන බව සඳහන් කළේය.

එම දෙපළ යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගත්හ. සර්ගි ෂොයිගු මහතා චීනය හා බ්‍රසීලය එම අර්බුදය විසඳීම වෙනුවෙන් ඒකාබද්ධව ඉදිරිපත් කළ සය වැදෑරුම් යෝජනාවලිය පිළිබඳ රුසියාවේ ස්ථාවර ප්‍රකාශ කරමින් එම යෝජනාවලිය පිළිගන්නා බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ වන්ග් යී මහතා පැවසුවේ චීනය සැමවිටම යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් වෛශයික හා සාධාරණ ආකල්පයකින් ක්‍රියා කරන බවයි.



ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම