හොංකොං ආර්ථික හා වෙළඳ කාර්යාලය වසා දැමීමෙන් ඇමරිකාවට ද හානි සිදු වන බව චීනය පෙන්වා දෙයි. ඊයේ (10) ඇමරිකානු කොංග්‍රසය “හොංකොං ආර්ථික හා වෙළඳ කාර්යාලය සහතික කිරීමේ පනත” සම්මත කර තිබේ. ඇමරිකාවේ පිහිටි හොංකොං ආර්ථික හා වෙළඳ කාර්යාලයට හිමි මුක්ති හා වරප්‍රසාද අහෝසි කරන බවත්, එම කාර්යාලය වසා දැමිය යුතු බවත්, එම පනත මගින් අවධාරණය කෙරිණ.
මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා ය. “හොංකොං ආර්ථික හා වෙළඳ කාර්යාලය සහතික කිරීමේ පනත” මගින් සාමාන්‍ය ආර්ථික හා වෙළඳ සහයෝගිතා දේශපාලනීකරණයට ලක් කර ඇතැයි ඇය එහිදී පෙන්වා දුන්නා ය. හොංකොං ආර්ථික හා වෙළඳ කාර්යාලය ඇමරිකාව ඇතුළු රටවල් හා කලාප සමග ආර්ථික හා වෙළඳ සම්බන්ධතා පැවැත්වීමේ වැදගත් ආයතනයකි. ඇමරිකාවේ වෙළඳ අතිරික්තයේ දෙවන විශාලතම මූලාශ්‍රය වන්නේ හොංකොං ය. එම පනත සම්මත කිරීමෙන් මෙන් ම හොංකොං ආර්ථික හා වෙළඳ කාර්යාලය වසා දැමීමට ගන්නා වෑයමෙන් ඇමරිකාවට වාසි නොව හානි පමණක් ගෙන දෙන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කර ඇත.