බලශක්ති අංශයට නව නියාමන ආයතනයක්
2024-09-11 16:58:49
Share with:
ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවිකෘත ස්වභාවික වායු සහ ලිහිසි තෙල් යන අංශයන් සඳහා නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කර ඇත. ඒ අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් අනතුරුව ය.
ඒ අනුව පත් කරනු ලැබ ඇති කමිටුව බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනක් හඳුන්වා දීම පිණිස සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එකී කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ඛනිජතෙල් කර්මාන්තය නියාමනය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයින්ට උපදෙස් දීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.