දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්මක්
2024-09-11 17:01:43
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ ව්‍යුහාත්මක මිනුම් දණ්ඩක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා වන තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සකස් කර ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.

ඒ අනුව, 2025-2027 කාලසීමාව සඳහා සකස් කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා වන තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක වනු ඇත.

ගුවන් විදුලිය
20241104සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම