79 වැනි ජගත් මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ
2024-09-11 09:33:52
Share with:

එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ. නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එය ඊයේ (10) පස්වරුවේ ආරම්භ විය.

79 වැනි මහා මණ්ඩල සැසිවාරයේ සභාපති Philemon Yang මහතා එහිදී ආරම්භක දේශනය පවත්වමින් කියාසිටියේ, සාමය සහ ආරක්ෂාව ලොවට ඉතා වැදගත් වන අතර කලාපීය ගැටුම් විසඳීමට ජාත්‍යන්තර ප්‍රජාව වෙහෙස මහන්සි වී ක්‍රියා කළ යුතු බවයි. “ලොකු කුඩා සියලු රටවලට ආර්ථික සංවර්ධනයේ ඵල භුක්ති විඳීමේ හැකියාව” සහතික කිරීම සඳහා නවෝත්පාදන සහ හරිත ආර්ථිකය තුළින් තිරසර ආර්ථික වර්ධනයක් තහවුරු කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසිවාරය ඊයේ (10) පෙරවරුවේ නිමාවට පත්විය. එහි සභාපති Dennis Francis මහතා එම අවස්ථාවට එක්වෙමින් දේශනයක් පැවැත්වීය. ජගත් මහා මණ්ඩල සැසිවාරයේ නව සභාපතිවරයා ලෙස කැමරූන් ජනරජයේ හිටපු අග්‍රාමාත්‍ය Philemon Yang මහතා දිවුරුම් දුන්නේ ඉන් අනතුරුවයි.

ජගත් මහා මණ්ඩල සැසිවාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන සාකච්ඡාමය,අධීක්ෂණ සහ සමාලෝචන ආයතනය වන අතර, සියලුම සාමාජික රටවල් ඊට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම