“ නව යුගයේ දේශපාලනික වශයෙන් හමුදා අංශ ශක්තිමත් කිරීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ මතවාදය ” මැයෙන් යුත් ග්‍රන්ථය එළි දැක්වේ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හමුදා කටයුතු කමිටුවේ දේශපාලන කාර්යාංශය එම ග්‍රන්ථය සකස් කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයේ සිට මේ දක්වා විවිධ අවස්ථාවලදී හමුදා අංශ ශක්තිමත් කර සංවර්ධනය කිරීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිදු කළ දේශන පදනම් ව සකස් කළ ලිපි 89ක් එම ග්රන්ථයට ඇතුළත් ය. එම ග්‍රන්ථයෙන් නව යුගයේ දේශපාලනික වශයෙන් හමුදා අංශ ශක්තිමත් කිරීමේ උපායමාර්ගය මැනවින් පහදා දෙයි.
“ නව යුගයේ දේශපාලනික වශයෙන් හමුදා අංශ ශක්තිමත් කිරීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ මතවාදය ” ග්‍රන්ථය මැනවින් අධ්‍යයනය කරන ලෙස චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හමුදා කටයුතු කමිටුව සමස්ත හමුදා අංශවලින් ඉල්ලීමක් කර තිබේ.