ආසියාවේ විශාලතම අභ්‍යවකාශ එන්ජින් අනුකාරකය චීනය භාවිතයට ගනී
2024-09-11 14:52:14
Share with:

ආසියාවේ විශාලතම අභ්‍යවකාශ යානා එන්ජින් සිමියුලේටරය හෙවත් අනුකාරකය චීනය භාවිතයට ගනී. ඒ,  Shaanxi පළාතේ Tongchuan හි දී ඊයේ (10) පැවති මෙහෙයුමක දී ය. මෙමගින් ඉහළ උන්නතාංශයක දී පරීක්ෂණ සිදුකෙරේ.

මෙය චීනයේ මිනිසුන් සහිත චන්ද්‍ර ගවේෂණ ක්ෂේත්‍රයේ සන්ධිස්ථානගත අවස්ථාවකි. අභ්‍යවකාශ යානය සඳ මතුපිටට ගොඩබෑමේ දී එන්ජිමේ වේගය අඩු කිරීම පිළිබඳ පර්යේෂණ සඳහා මෙම අනුකාරකය භාවිත කෙරෙනු ඇත. මෙය සැකසීම සඳහා චීන විශේෂඥයන්ට මාස 8 ක පමණ කාලයක් ගත වී තිබේ. එහි තාක්ෂණය අතිශය සංකීර්ණ වන අතර, ඒවා ප්‍රගුණ කර ඇත්තේ ද රටවල් කිහිපයක් පමණි.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම