අප්‍රිකාව සමග ජාත්‍යන්තර සහයෝගිතාවය සාධාරණත්වයට අනුගත බව චීනය පවසයි
2024-09-10 20:33:57
Share with:

මෑතකදී අවසන් වූ බෙයිජිං චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවේ දී, චීනය අප්‍රිකාව සමග සහයෝග්තා මුලපිරීම් මාලාවක් ප්‍රකාශයට පත් කළේ ය. බොහෝ අප්‍රිකානු රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල නායකයින් එම සමුළුව අතරතුර, ඊනියා "ණය උගුල් න්‍යාය" පිළිබඳ ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය පිහිටුවා ගත වූ වසර 24 තුළ, එය අප්‍රිකාවේ සංවර්ධනය සහ අප්‍රිකානු ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා සහ තවත් බොහෝ අප්‍රිකානු නායකයින් සමුළුව අතරතුර ප්‍රකාශ කළේ, අප්‍රිකාවේ චීනයේ ආයෝජනය අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතාවයක් බවත් අප්‍රිකාව කිසිවිටකත් “ණය උගුලකට” තල්ලු නොකරන බවත් ය. සැබවින්ම, චීනය කිසි විටෙකත් අප්‍රිකාවේ ප්‍රධාන ණය හිමියා නොවේ. ලෝක බැංකු දත්ත වලට අනුව, බහුපාර්ශ්වික සහ පුද්ගලික ණය හිමියන් අප්‍රිකාවේ ස්වෛරී විදේශ ණය වලින් 80% ක් නියෝජනය කරයි. එසේ වුවද, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මාර්ග හරහා අප්‍රිකාවට ණය ආපසු ගෙවීමේ පීඩනය සමනය කිරීමට චීනය සෑමවිටම ක්‍රියාකාරීව සහභාගී වී ඇත. මෙම සමුළුවේදී සම්මත කරන ලද ක්‍රියාකාරී සැලැස්ම තුළ, චීනය නිශ්චිත ණය සහන ක්‍රියාමාර්ග ද යෝජනා කර ඇති බව, Mao Ning මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20241107බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම