ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සියෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්
2024-09-10 17:17:08
Share with:

ඇමරිකාවේ ක්‍රීඩාවේ සාධාරණත්වය සම්බන්ධයෙන් ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (WADA) දැඩි කනස්සල්ලක් පළ කරයි. එමෙන්ම එහි තහනම් උත්තේජක විරෝධී ක්‍රමයේ සියලු අංශ ප්‍රතිසංස්කරණ කරන ලෙස ද ඉල්ලා සිටී. ඇමරිකානු මලල ක්‍රීඩකයින්ගෙන් සියයට 90 ක් ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට පටහැනිව තරග කරන බව ද එම ඒජන්සිය සඳහන් කර ඇත. ඇමරිකා තහනම් උත්තේජක විරෝධී නියෝජිතායතනයේ (USADA) අධ්‍යක්ෂ මණ්ඩල සභාපති Tobie Smith වෙත ලිපියක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ. මෙම ඇමරිකානු ආයතනයේ පරීක්ෂණ කාර්යසාධනය සතුටුදායක මට්ටමක නොපවතින බව ද ඉන් දැනුම් දී ඇත. 

පැරිස් ක්‍රීඩා උළෙලේ තරග කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සියයට 75ක් විද්‍යාල ක්‍රමයට පැමිණ ඇති අතර එය සම්මත  ක්‍රීඩා ප්‍රමිතියට වඩා අවම මට්ටමක පවතින ක්‍රියාවලියක් බව ද සඳහන් කර තිබේ. එහෙයින් මෙම තත්ත්වය පිළිබඳ අදාළ සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර ඇත. එමෙන්ම ඇමරිකානු ක්‍රීඩකයින්ගේ සුභසාධනය, කාර්යසාධනය සහ සෞඛ්‍යය පිළිබඳව ද කනස්සල්ල පළ කර ඇත. 

USADA  හි දත්තවලට අනුව 2023 වසරේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,011ක් අතරින් සාම්පල 7,773 ක් පමණක් ලබා ගෙන ඇති අතර එය කිසි ලෙසකින් ප්‍රමාණවත් නොවන බව ද පෙන්වා දී තිබේ. එය ප්‍රංශය, චීනය, රුසියාව, ඉතාලිය යන රටවල සාම්පල ප්‍රමාණයට ද වඩා අඩු අගයකි. එමෙන්ම බරපතල තහනම් උත්තේජක වැරදි සිදු කළ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොර රහසේ තරග කිරීමට ඉඩ සලසා දීමේ උත්සහයක් පිළිබඳව ද හෙළිකරව් කර තිබේ. 

මෙම ලිපියෙන් ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය තවදුරටත් අවධාරණය කර ඇත්තේ, අඛණ්ඩ භූ දේශපාලන මැදිහත්වීම් හමුවේ වුව ද කිසිදු බියකින් සහ සැකයකින් තොරව අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර අදාළ සියලු අංශ සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවයි.  

 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම